Rajamale Moray Estate (Sandagalathanna) Route | රාජමලේ - මරේ වත්ත (සඳගලතැන්න) මාර්ගය


ආරම්භ කරනා ස්ථානය   -  රාජමලේ
ලඟම නගරය                      -  නල්ලතන්නිය
ගමනේ මුළු දුර                   -  දළ වශයෙන් කිලෝමීටර් 5ක් පමණ


මාර්ගයේ චායාරූප මෙතනින් 

ගමනේ ආරම්භක ස්ථානය වන්නේ රාජමලේ ඉහල කොටසයි.
සුප්‍රකට මරේ වතුයායේ ඉහලම කෙලවර වන රාජමලේ දක්වා ගමන් කිරීමට නම් නල්ලතන්නියේ සිට කිලෝමීටර් 5ක පමණ දුරක් ගමන් කල යුතු වේ.
මෙම දුර වාහනයකින් පැමිණිය හැකි අතර තරමක් දුෂ්කර මාර්ගයක් වේ.

මෙම මාර්ගයේ විශේෂත්වය වන්නේ අඩුම දුරකින් හා අඩුම උසකින් ගමන් කල හැකි එකම ශ්‍රී පාද මාර්ගය මෙය වීමයි.
නල්ලතන්නියේ සිට රාජමලේ දක්වා ගමන් කිරීමේදී මුහුදු මට්ටමේ සිට අඩි 5000ක පමණ දුරක් ඉහලට වාහනයකින්ම ගමන් කල හැක.
පා ගමනින් යා යුතු වන්නේ අඩි 2000ක පමණ උසකි. දුර අනුව සැලකීමේදී ඒ කිලෝමීටර් 4 ක පමණ  සුළු දුරකි.

සුප්‍රකට ෆිෂින් හට්ස් නිවාඩු නිකේතනය පිහිටා ඇත්තේද මෙම මාර්ගය ආසන්නයේය.

රාජමලේ සිට ගමන ආරම්භ කල පසු වනගත මාර්ගයක් ඔස්සේ ගමන් කල යුතු වේ.. 
බොහෝ දුරට තැන්නක් හරහා ගමන් කල යුතු අතර ඉතා සරල මාවතක් ඔස්සේ ගමන් මාර්ගය වැටි පවතී.

මෙහි ජලය ලබාගැනීමට ඇත්තේ ඉතාම සීමිත දිය පහරවල් ප්‍රමාණයක් බැවින් තමන් සතුව ජලය තබාගැනීම අතිශයින්ම වැදගත් වේ.

ගමනේ මුළු දුර කොලොමීටර් 2ක් පමණ වූ පසු හමු වන්නේ සඳගලතැන්නයි. 
ඉතාමත්ම අලංකාර විශාල ගල් තලාවක් වන අතර මෙම ස්ථානයට ශ්‍රී පාදස්ථානය ඉතාමත් අලංකාරව දර්ශනය වේ.

ඉන්පසු තරමක් ඉහල බෑවුමක් ඔස්සේ ගමන් කල යුතු අතර කිලෝමීටරයක් පමණ ගමන් කල පසු හැටන් නල්ලතන්නි මාර්ගය සම්බන්ධ වේ.

ඉන්පසු මද දුරකින් පසු මහගිරිදඹය ආරම්භ වේ. මීටර් 750ක් පමණ ගමන් කල යුතු වේ. 
ආසන්න වශයෙන් අංශක 70ක පමණ සෘජු බෑවුමක් තුළ ඉහලට ගමන් කල යුතුය.
මහගිරිදඹයේ සිට යකඩ අත්වැටක් සම්පූර්ණ මාර්ගය පුරා උඩ මලුව දක්වා ඇති අතර ඒ නිසා ගමන ආරක්ෂිතව ගමන් කල හැකිය.
අනිත් පඩි වලට සාපේක්ෂව මහගිරිදඹ හි පඩි තරමක් උසින් යුක්ත වේ.

මීටර් 720 ක් පමණ දුෂ්කර නැග්මකින් පසු භගවා ලෙන හමුවේ.

ඉන්පසු කෙටි දුරකින් අනතුර පහල මළුව කරා ලඟා විය හැකි අතර පොලිස් ස්ථානයක්, කාර්යාල හා විශ්‍රාම ශාලා ස්ථාපිතයි.

උඩ මළුවේදී බුදුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය පිහිටි කුටිය හා ඝන්ටාරය පිහිටා ඇත..



මෙම මාර්ගයට පමණක් අදාළ GPS දත්ත මෙතනින් 
සියලුම මාර්ග වල GPS දත්ත  එකම ගොනුවකින් මෙතනින් 



Unknown කතුවරයා

ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් වන උතුම් ශ්‍රී පාදස්ථානය නිසි ශ්‍රද්ධාවෙන් යුතුව වන්දනා කරන්න...