ශ්‍රී පලාබද්දල මාර්ගය (රජ මාවත)


ආරම්භ කරනා ස්ථානය   -  සිරිපා ගම
ලඟම නගරය                      -  රත්නපුර
ගමනේ මුළු දුර                   -  දළ වශයෙන් කිලෝමීටර් 8.5ක් පමණ


" රජ මාවත "අතීතයේ නිශ්ශංකමල්ල රජතුමා ශ්‍රී පාද කරුණාව සඳහා යොදාගත් බැවින් මේ නමින් හැඳින්වේ.  තරමක් වනගත මාර්ගයක් වන අතර ඉතා සුන්දර පරිසරයක් මැදින් දිවේ


මාර්ගයේ චායාරූප මෙතනින් 

ගමන ආරම්භ වන්නේ සිරිපාගම ශ්‍රී පලාබද්දල විහාරය අසලිනි.

ගමනේ පළමු කිලෝමීටර් 4 ඇතුළත මීටර් 1000 කට අධික උසක් දක්වා ගමන්කල යුතු ආකාරයට මාර්ගය සකස් වී තිබේ.
(ශ්‍රී පලාබද්දල මාර්ගයේ විශේෂත්වය වන්නේ ගමන ආරම්භයේ සිට අවසානය දක්වාම පඩි පැවතීමයි)

පළමු කිලෝමීටර් කිහිපය සිරිපාගම හරහා වැටි ඇති අතර ඉන්පසු ගමන් මාර්ගය ක්‍රම ක්‍රමයෙන් හුදකලා වේ.

පළමුවරට හමුවන විශ්‍රාම ශාලාව වන්නේ ලිහිනිහෙල විශ්‍රාම ශාලාවයි.
එම ස්ථානයේම ඉහලින් සමන් දේවාලයක් පිහිටා ඇති අතර මද දුරක් ඉහලට ගමන් කිරීමෙන් පසු ලිහිණි හෙළ හමුවේ.

ඉන්පසු හමුවන දෙවෙනි ස්ථීර විශ්‍රාම ශාලාව වන්නේ කටුකිතුල වංගුව විශ්‍රාම ශාලාවයි.

මාර්ගය ප්‍රතිසංස්කරණයෙන් පසු පඩි අංක යොදා ඇත. පඩි අංක 4780 දී පමණ කළු ගඟ ආරම්භ වන ස්ථානය හමුවේ.

විශාල ඉඩකඩකින් සමන්විත සුන්දර ස්ථානයක පිහිටි ගෙත්තම්පාන ඊළඟට හමුවන ස්ථීර නවාතැන් පලයි.
සීතගඟුලේ කොටසක් මේ හරහා ගමන් කරන බැවින් ඉතාමත් සුන්දර ස්ථානයක් ලෙස හැඳින්විය හැක.

ඉන්පසු හමුවන අනෙක් විශේෂිත ස්ථානය ධර්මරාජ ගලයි.
ගල්තලාවක පඩි කෙටීමෙන් නිර්මාණය කර ඇති පඩිපෙලක් සහිත ගල් තලාවක් වේ.

පළමු කිලෝමීටර් 4න් පසු 7 දක්වා ගමන් කිරීමේදී පළමුව හමුවන්නේ හැරමිටිපාන අම්බලමයි.
ස්ථීර නවාතැන්පලක් වන අතර
ඊට මීටර් 50ක් පමණ දුරින් හමුවන්නේ ගල්වංගෙඩිය යි.

මෙම ස්ථානයේ විශේෂත්වය වන්නේ  වන්නේ රත්නපුර ශ්‍රී පාද වන්දනා කරුවන්ගේ මාර්ග දෙක වන  ශ්‍රී පලාබද්දල මාර්ගය හා කුරුවිට - එරත්න මාර්ගය එකට හමුවන ස්ථානය මෙය වීමයි.


මුළු දුරින් කිලෝමීටර් 7.7ක් පමණ ගමන් කල පසු හමුවන්නේ ආඬියා මල තැන්න අම්බලමයි.
ස්ථීර නවාතැන්පලක් වන අතර උඩ මලුව දක්වා ගමන් කිරීමේදී රත්නපුර මාර්ගයේ හමුවන අවසාන නවාතැන්පල මෙය වේ.

 එහි සිට කිලෝමීටර් 1ක් පමණ  තරමක නැග්මකින් ගමන් කලයුතු අතර එහිදී ඇහැල කනුව දැකගත හැක. ඉන් පසු ඇත්තේ රත්නපුර මාර්ගයේ  මහගිරිදඹ මාර්ගයයි.



මෙම මාර්ගයට පමණක් අදාළ GPS දත්ත මෙතනින් 
සියලුම මාර්ග වල GPS දත්ත  එකම ගොනුවකින් මෙතනින් 

(විශේෂ ස්තුතිය - ලක්දසුන් වෙබ් අඩවිය)

Unknown කතුවරයා

ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් වන උතුම් ශ්‍රී පාදස්ථානය නිසි ශ්‍රද්ධාවෙන් යුතුව වන්දනා කරන්න...