Hatton Nallathanni Route | හැටන් නල්ලතන්නි මාර්ගය


ආරම්භ කරනා ස්ථානය    -  නල්ලතන්නිය 
ලඟම නගරය                       -  හැටන් නගරය 
ගමනේ මුළු දුර                    -  දළ වශයෙන් කිලෝමීටර් 5ක් පමණ 


මාර්ගයේ චායාරූප මෙතනින් 

ගමන ආරම්භ වන්නේ නල්ලතන්නිය පොලිස් ස්ථානය අසලිනි.
ගමනේ මුල් කිලෝමීටර් 2.5 තුල පළමුවෙන්ම නල්ලතන්නි පාලම හමුවේ. 

තේ වතු, ජනාකීර්ණ ගම්මානය තුලින් ගමන් කල පසු අවසාන වශයෙන් ජපන් සාම චෛත්‍ය හමුවේ.
මෙහිදී පාර කොටස් දෙකකට බෙදේ. එනම් සාම චෛත්‍යට හා ශ්‍රී පාදස්ථානය වෙත දිවෙන මාර්ගයයි.
නමුත් මේ පාරවල් දෙකම මීටර් 100ක පමණ කෙටි දුරකින් පසු නැවතත් එක්වේ.

ඉන් අනතුරුව  කිලෝමීටර් 1ක් පමණ ගමන් කිරීමෙන් පසු හමුවන පළමු තැන වන්නේ  ගඟුල තැන්නයි. මෙය ස්ථීර වශයෙන් ගොඩ නැගු විශ්‍රාම ශාලාවකි.

ගමනේ මුළු දුරින් පළමු කිලෝමීටර් 3-4 තුල ඉන්පසු හමුවන්නේ හැටන් නල්ලතන්නි මාර්ගයේ සීතගඟුලයි.
ස්ථීර නැවතුම් පලක් ඇති මෙම ස්ථානයේ ස්නානය සඳහා පහසුකම් ඇත.

ඉන්පසු ශීඝ්‍ර නැග්මක් සහිතව කෙටි දුරක් ගමන් කල යුතු අතර ඉන්පසු සාමාන්‍ය පරිදි නැග්මක් සහිතව ගමන් කල යුතුය.

ගමනේ කිලෝමීටර් 4.5 - 5 අතර ඉන්පසු හමුවන්නේ ඉඳිකටුපාන අම්බලමයි. මෙහිදීද ස්ථීර විශ්‍රාම ශාලාවක් ස්ථාපිතය.


ඉන්පසු ආරම්භ වන්නේ ගමනේ දුෂ්කර කොටසයි..

ඉන්පසු මද දුරකින් පසු මහගිරිදඹය ආරම්භ වේ. මීටර් 750ක් පමණ ගමන් කල යුතු වේ. 
ආසන්න වශයෙන් අංශක 70ක පමණ සෘජු බෑවුමක් තුළ ඉහලට ගමන් කල යුතුය.
මහගිරිදඹයේ සිට යකඩ අත්වැටක් සම්පූර්ණ මාර්ගය පුරා උඩ මලුව දක්වා ඇති අතර ඒ නිසා ගමන ආරක්ෂිතව ගමන් කල හැකිය.
අනිත් පඩි වලට සාපේක්ෂව මහගිරිදඹ හි පඩි තරමක් උසින් යුක්ත වේ.

මීටර් 720 ක් පමණ දුෂ්කර නැග්මකින් පසු භගවා ලෙන හමුවේ.

ඉන්පසු කෙටි දුරකින් අනතුර පහල මළුව කරා ලඟා විය හැකි අතර පොලිස් ස්ථානයක්, කාර්යාල හා විශ්‍රාම ශාලා ස්ථාපිතයි.

උඩ මළුවේදී බුදුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය පිහිටි කුටිය හා ඝන්ටාරය පිහිටා ඇත..



මෙම මාර්ගයට පමණක් අදාළ GPS දත්ත මෙතනින් 
සියලුම මාර්ග වල GPS දත්ත  එකම ගොනුවකින් මෙතනින් 

(විශේෂ ස්තුතිය - ලක්දසුන් වෙබ් අඩවිය)


Unknown කතුවරයා

ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් වන උතුම් ශ්‍රී පාදස්ථානය නිසි ශ්‍රද්ධාවෙන් යුතුව වන්දනා කරන්න...