කෝඩු චාරිත්‍ර



ශ්‍රී පාද වන්දනාවේදී පළමු වරට වන්දනා කරන කෙනෙක් වේ නම් එම වන්දනාකරු හඳුන්වන්නේ කෝඩු කාරයෙක් ලෙසයි. පළමු වරට ගමන් කරනා කුඩා දරුවෙක් වේ නම් කිරි කෝඩු ලෙසත්, පළමු වරට ගමන් කරනා වැඩිහිටියෙක් වේ නම් ඔහු දඬු කෝඩු ලෙසත් හඳුන්වනු ලබයි.
ගමන ආරම්භයේදී පටන් කෝඩු කාරයන් විසින් චාරිත්‍ර ඉටු කරමින් ගමන් කල යුතු වේ. ශ්‍රී පාද වන්දනාවේ ඇති ඉතා සුන්දර විශේෂත්වය එයයි.
ශ්‍රී පාද වන්දනාවේ එකට ගමන් කරන පිරිසක් වේ නම් ඔවුන් නඩයක් ලෙසත්, එම නඩයේ ප්‍රධානියා නඩේ ගුරා ලෙසත් හඳුන්වනු ලබයි. නඩේ ගුරාගේ කාර්‍යය වනුයේ නඩයේ සියලු දෙනා ආරක්ෂා සහිතව ශ්‍රී පාද කරුණා කොට වන්දවා නැවතත් ආරක්ෂා සහිතව පැමිණීමයි.
පළමුව සමන් දේවාලය වැඳ පුදා සමන් දෙවියන් සිහිකර නඩේ ගුරා විසින් හෝ දේවාල කපු මහතා විසින් කෝඩු කාරයන්ගේ අතේ පඳුරක් ගැට ගසනු ලබයි. මෙම පඬුර පසුව උඩ මළුවේදී තමන් ආරක්ෂා සහිතව ගෙන ඒම පිළිබඳව පින් දීමෙන් සමන් දෙවිඳුන් උදෙසා ගැට ගසනු ලබන අතර නැවත පැමිණීමද ආරක්ෂා කර දෙන මෙන් ඉල්ලා සිටිනු ලබයි.

ශ්‍රී පාද වන්දනාවේදී කෝඩු චාරිත්‍ර කරන ස්ථාන හා කරන අයුරු

ගෙත්තම් පාන / ඉඳිකටු පාන   චායාරූප මෙතනින් 
ශ්‍රී පාද පද්මය පිහිටුවාලීම සඳහා බුදුරජාණන් වහන්සේ සමනළ කන්දට වැඩම කරනා අවස්ථාවේදී මෙම ස්ථානයේදී සිවුර ඉරුණු බවත් ඉන් පසු උන් වහන්සේ එම ස්ථානයේ වැඩ හිඳිමින් එම සිවුර මැසූ බවට විශ්වාසයක් පවතී. එහිදී මාරයා විසින් උන්වහන්සේට බාධා කිරීමට විශාල වර්ෂාවක් ඇද වැස්සු බවටත් මතයක් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.
මෙම අවස්තාව සිහි කරමින් පළමුවරට වන්දනාවේ යන කෝඩු කාරයන් විසින් ඉඳිකටුවක නූල් අමුණා ඇද යෑමේ චාරිත්‍රයක් මෙහිදී සිදු කරනවා..
ශ්‍රී පලාබද්දල පාරෙන්, කුරුවිට පාරෙන්  ගමන් ගන්නා ඔබට එහිදී එක් ස්ථානයක් විශේෂිතව ඇති අතර හැටන් නල්ලතන්නි මාර්ගයේදී මෙය තරමක් වෙනස් අපූරු ආකාරයෙන් වන්දනා කරුවන් සිදු කරයි. එනම් ඉදිකටු පාන දී අමුනාගන්නා මෙම නූල ඔවුන් විසින් දිගටම ඇදගෙන යනු ලබයි. තමන් සතු වන නූල් ප්‍රමාණය අවසන් වන තෙක් ඔවුන් හැකි තරමක් දුරට එය ඇදගෙන යනු ලබයි.
සාහිත්‍යයේදී මේ පිළිබඳව මේ ලෙසද හමුවේ.
                           ගෙත්තම් පානට ගොසින් බසින්නේ
                           ගෙත්තම් කරලයි සැමදෙන යන්නේ
                           ඉඳිකටු නූලුත් සුරතට ගන්නේ
                           ගෙත්තම් කර දෙවිඳුට පින් දෙන්නේ


හැරමිටිපාන  
බුදු රජාණන් වහන්සේ මෙම ස්ථානයේදී හැරමිටියක් වාරු කරගනිමින් වැඩම කළ බවට ඇතැමුන් අතර පිළිගැනීමක් පවතිනවා. එම නිසා වනයෙන් අහුලා ගන්නා හැරමිටියක් මෙහිදී පූජා කොට ගමන පහසුවෙන් වන්දනා කිරීමට ප්‍රාර්ථනාවන් වන්දනා කරුවන් විසින් සිදු කරන ලබනවා.
මෙහිදී කෝඩු කාරයන්ගේ හා නඩයේ සියලු දෙනාගේම ආරක්ෂාව වෙනුවෙන් හා ශ්‍රී පාදය වන්දනා කිරීම වෙනුවෙන් හැරමිටියක් බාරවීම සිහිතබා ගනිමින් සුමන සමන් දෙවියන් වෙනුවෙන් භාරයක් වේ.

දිවුරුම් ගල ලෙසද හඳුන්වයි. හුණු ආලේපිත කණුවකි.
"තමන් විසින් කිසිදු අකුසල කර්මයක් මෙයින් මතු සිදු නොකරන බවත් ඒ සත්‍යය හේතුකොටගෙන තමාත් නඩයේ සියල්ලත් ගමනේ දුෂ්කරම කොටස ඉතා පහසුවෙන් තරණය කිරීමට හැකියාව ලැබේවා" යන ප්‍රාර්ථනාව හිතේ තබාගනිමින් නියපොත්තෙන් එහි ආලේපිත හුණු ස්වල්පයක් සූරා ආලේප කොට නළල එහි ගසා එහිදී එම පොරොන්දුව ඉටු කරනු ලබයි.
වර්තමානයේ මෙම ස්ථානය කෝඩු කාරයන් විහිලුවට ලක් කරනා ස්ථානයක් ලෙසද භාවිතා කෙරේ. ඒ ඇහැල කණුවේ හිස ගසාගනිමින් එම පොරොන්දුව වන ලෙස නඩේ ගුරා විසින් කෝඩු කාරයන්ට උපදෙස් දීමයි..


Unknown කතුවරයා

ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් වන උතුම් ශ්‍රී පාදස්ථානය නිසි ශ්‍රද්ධාවෙන් යුතුව වන්දනා කරන්න...

No comments:

Post a Comment