Dehenakanda Hapugasthanna (Mukkuwatta) Trail | දෙහෙනකන්ද හපුගස්තැන්න මුක්කුවත්ත මාවත


ආරම්භ කරනා ස්ථානය   -  මුක්කුවත්ත
ලඟම නගරය                      -  දෙහෙනකන්ද
ගමනේ මුළු දුර                   -  දළ වශයෙන් කිලෝමීටර් 15ක් පමණ

කූඩැල්ලන් සඳහා පිළියම් අනිවාර්යෙන්ම සලසා ගන්න. විස්තර මෙතනින් 
ජල පෝෂක ප්‍රදේශයක් වුවත් ජලය අතිරේකව තබා ගන්න.
මාලිමාවක්, GPS අවශ්‍ය විය හැක. (අවාරයේදී)
මෙම මාර්ගය නිර්මාණය වීමේ සත්‍ය කතාව මෙතනින් බලන්න 

මාර්ගයේ චායාරූප මෙතනින් 

ගමන ආරම්භ වන්නේ මුක්කුවත්ත හංදිය ආසන්නයෙනි. ඒ  අසලම කෝවිලක් පිහිටා ඇත.
ඉහලට ඇති පාර ඔස්සේ කිලෝමීටර් එකක් පමණ පැමිණීමෙන් පසු ඇති කොන්ක්‍රීට් පාර ඔස්සේ තරමක දුරක් පැමිණීමෙන් පසු ගමනේ ආරම්භක ස්ථානය වන කුඩා බුදු මැදුර පිහිටා ඇත.

මෙම කුඩා බුදු මැදුර අසලින් පහලට තේ වත්ත තුලට මද දුරක් පැමිණීමෙන් පසු හමුවන්නේ රත් ගඟයි.
රත් ගඟ පසු කිරීමත් සමගම මෙම මාර්ගයේ ඇති එකම අම්බලම වන සෝමරත්න අම්බලම පිහිටා ඇත.
ඉන්පසු හමුවන ජල පෝෂක ප්‍රදේශය වන්නේ වේවැල් දොළයි.

තරමක දුෂ්කර දුරක් ගමන් කිරීමෙන් පසු හමුවන්නේ වැල්ලක්කාර ගල් ගෙයයි.. තරමක  ගල් පතුරක් සේ ආවරණයක් සලසා ගත හැකි මෙම ස්ථානය රැයක් ගත කිරීමට සුදුසු ස්ථානයක් නොවුනත් මද වර්ෂාවකදී ආවරණයක් සලසා ගැනීම සඳහා යෝග්‍ය ස්ථානයකි.

ගමනේ කිලෝමීටර් 3 - 4 අතර රාපත් කන්දේ ගමනාන්තයෙන් පසු හමුවන්නේ බෑන සමණල නිම්නයයි. 
තරමක් තැනිතලා ප්‍රදේශයක් වන අතර මෙහි කඳවුරු බැඳීමක් සිදු කල හැක.
ඉන්පසු හමුවන්නේ බාතිය (බෝතිය) දොළයි.
මීට මීටර් 30ක්  පමණ නුදුරින්  බාතිය අම්බලම ලෙස හැඳින්වූ ස්ථානයක් මීට පෙර පැවති බවට සාක්ෂි තිබේ.
ඉන් අනතුරුව බෑන සමණල කන්ද ඉතා හොඳින් දර්ශනය වේ.

බෑන සමණල කන්ද දර්ශනය වූ ස්ථානයේ සිට දුෂ්කර මාර්ගයකින් පැමිණි පසු ඉන්පසු ප්‍රථම වතාවට ශ්‍රී පාද කඳු මුදුන දිස් වේ. 

ඉන් අනතුරුව හමු වන්නේ මුක්කුවත්ත මාර්ගයට අනන්‍ය වූ සීත ගඟුලයි.
ඉතාම විශාල සුන්දර ස්ථානයක් වන මෙම ස්ථානය හරහා ගලා හැලෙන්නේ මැණික් ගඟයි.

මැණික් ගඟ පසු කිරීමත් සමගම මුක්කුවත්ත මාර්ගයේ ඉදිකටු පාන හෙවත් වුෂිමලේ හමු වේ. කුඩා බුදු පිළිමයක් සහිත මෙම ස්ථානයේ අදාළ චාරිත්‍ර කිරීමෙන් පසු ඉහලට කන්දක් තරණය කරමින් දුෂ්කර මගක් ගමන් කල යුතු වේ.

ගමනේ මුළු දුර ආසන්න  වශයෙන් කිලෝමීටර් 7ක් පමණ වූ පසු මෙම මාර්ගයේ ශ්‍රී පාද කඳු මුදුන දකින්නට ලැබෙන පැහැදිලිම දර්ශනය සහිතව දක්නට ලැබේ.
මෙහි විශේෂත්වය වන්නේ  රන්තපුර, හැටන් හා අනෙකුත් කිසිම මාර්ගයක නොදකින කෝණයකින් ඔබට මේ ස්ථානයේදී ශ්‍රී පාද කන්ද නැරඹීමට හැකියාවක් ලැබීමයි.

ඉන්පසු ඉහලට ගමන් කිරීමෙන් පසු ඔබ පිවිසෙන්නේ ශ්‍රී පාද කන්දටයි.. ශ්‍රී පාද කන්ද පාමුලට තරමක් ඉහලින් ශ්‍රී පාද කන්ද බෑවුම හරහා ආනතව වැටි ඇති තරමක් දුෂ්කර ඉහල ආනතියකින් ඇති මාර්ගයක් ඔස්සේ ඉන්පසු ගමන් කල යුතු වේ.
එම මාර්ගය ඔස්සේ කිලෝමීටර් 1.5 ක පමණ තරමක් දුෂ්කර දුරක් ගමන් කිරීමෙන් පසුව රත්නපුර ගමන් මාර්ගයේ මහගිරිදඹයට ආසන්නයෙන් ප්‍රධාන මාවත සමග සම්බන්ධ වේ.
එහි සිට මීටර් 50 ක් පමණ තරමක නැග්මකින් ගමන් කලයුතු අතර එහිදී ඇහැල කනුව දැකගත හැක. 
ඉන් පසු ඇත්තේ රත්නපුර මාර්ගයේ  මහගිරිදඹ මාර්ගයයි


මෙම මාර්ගයට පමණක් අදාළ GPS දත්ත මෙතනින් 
සියලුම මාර්ග වල GPS දත්ත  එකම ගොනුවකින් මෙතනින් 


Unknown කතුවරයා

ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් වන උතුම් ශ්‍රී පාදස්ථානය නිසි ශ්‍රද්ධාවෙන් යුතුව වන්දනා කරන්න...

No comments:

Post a Comment