Kuruwita Erathna Route | කුරුවිට - එරත්න මාර්ගය


ආරම්භ කරනා ස්ථානය   -  එරත්න
ලඟම නගරය                      -  කුරුවිට
ගමනේ මුළු දුර                   -  දළ වශයෙන් කිලෝමීටර් 12ක් පමණ

මාර්ගයේ චායාරූප මෙතනින් 

ගමන ආරම්භයේ සිට තරමක සැලකිය යුතු මට්ටකින් උසක් දක්වා ගමන් කල යුතු තරමක් දුෂ්කර ආරම්භයක් ලබාගැනීමට සිදුවේ.
ප්‍රධාන  වශයෙන්ම වනගතව ගමන් කිරීමට සිදුවේ.

ඉන්පසුව වර්ණගල කඳු මුදුනට ලඟා වීමත් සමගම දුෂ්කර කඳු තරණය තරමක් අවසන් වේ.

ගමනේ මුල් කිලෝමීටර් 1.5 අවසන් වීමත් සමගම පළමු අම්බලම වන ජම්බෝලගහ යට අම්බලම හමුවේ 
ඉන්පසු කිලෝමීටරයකට පසු (මුළු දුර කිලෝමීටර් 2.6ක්  පමණ  වූ  විට) ඩයමන්ඩ්ගල  අම්බලම හමුවේ.

ඉන්පසු තරමක් ඉහලට ගමන් කිරීමේදී කුඩා විදුලි බලාගාරයක ටර්බයින් සහිත ස්ථානයකට ලඟා වේ. අතිශයින්ම අනතුරුදායක ස්ථානයක් වන 
මෙම ස්ථානය හැකි ඉක්මනින් පසු කිරීම ඉතාමත්ම ආරාක්ශාකාරී වේ.
ඉහලට සිට වර්ෂාව ඇති අවස්ථාවකදී නොසිතන මොහොතකදී ජලයෙන් යටවීමේ අවධානම අතිශයින්ම ඉහල ස්ථානයකි.

එම ස්ථානය පසුකර මීටර් 50ක්  පමණ ගමන් කලපසු සමන් දේවාලයක් හා බුදු කුටියක් හමුවේ.

ගමනේ මුළු දුර කිලෝමීටර් 3.5 පමණ වූ පසු වර්ණගල කඳු මුදුනට පැමිණීමට හැකි වේ.

ඉන්පසු ගමන කුඩා අඩි පාරවල් ඔස්සේ ගමන් කිරීමට සිදුවේ.

මුළු දුර කිලෝමීටර් 5ක් පමණ වූ පසු සීත ගඟුල විශ්‍රාම ශාලාව හමුවේ.
ආපන ශාලාවක් සහිත මෙම ස්ථානය ස්ථීර විශ්‍රාම ශාලාවකි.

විශ්‍රාම ශාලාව පසු කිරීමත් සමගම හමු වන්නේ කුරුවිට එරත්න මාර්ගයේ සීත ගඟුලයි.

වනය ඔස්සේ තව දුරටත් ගමන් කිරීමෙන් පසු මුළු දුර කිලෝමීටර් 7.7ක් පමණ වූ පසු හමුවන්නේ මැදහින්න පන්සලයි.

සමස්ත දුර කිලෝමීටර් 9ක් පමණ වූ පසු විශාල ගල් තලාවක් සහිත එළිමහන් පෙදෙසකට ලඟා වේ. 
මෙහි තරමක් ගරා වැටුණු ස්වභාවයකින් යුතු ස්ථීර  විශ්‍රාම ශාලාවක් ඇත.
මෙම ස්ථානය කුරුවිට එරත්න මාර්ගයේ ඉදිකටු පානයි.

මීටර් 200ක පමණ දුෂ්කර නැග්මක් සහිතව ඉන් පසු ගමන් කල යුතුවේ. ගල් සහිත මාර්ගයක් බැවින් තරමක් දුෂ්කර ස්වභාවයක් ගනී.

ගමනේ මුළු දුර කිලෝමීටර් 10ක් පමණ වූ පසු හමු වන්නේ ගල් වංගෙඩියයි.

මෙම ස්ථානයේ විශේෂත්වය වන්නේ රන්තපුර ශ්‍රී පාද මාර්ග වන ශ්‍රී පලාබද්ද්දල මාර්ගය හා කුරුවිට එරත්න යන මාර්ග දෙක එකට හමු වී තනි මාර්ගයක් ලෙස සකස්වීමයි.

ගමන් කල පසු හමුවන්නේ ආඬියා මල තැන්න අම්බලමයි.
ස්ථීර නවාතැන්පලක් වන අතර උඩ මලුව දක්වා ගමන් කිරීමේදී රත්නපුර මාර්ගයේ හමුවන අවසාන නවාතැන්පල මෙය වේ.

 එහි සිට කිලෝමීටර් 1ක් පමණ ගමන් කළ තරමක නැග්මකින් ගමන් කලයුතු අතර එහිදී ඇහැල කනුව දැකගත හැක. 
ඉන් පසු ඇත්තේ රත්නපුර මාර්ගයේ  මහගිරිදඹ මාර්ගයයි.



මෙම මාර්ගයට පමණක් අදාළ GPS දත්ත මෙතනින් 
සියලුම මාර්ග වල GPS දත්ත  එකම ගොනුවකින් මෙතනින් 

(විශේෂ ස්තුතිය ලක්දසුන් වෙබ් අඩවිය)

Unknown කතුවරයා

ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් වන උතුම් ශ්‍රී පාදස්ථානය නිසි ශ්‍රද්ධාවෙන් යුතුව වන්දනා කරන්න...