ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙවෙනි ලංකා ගමනයේදී
සමනල කන්ද මත වම් ශ්‍රී පාද සලකුණක් පිහිටවූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. මේ
නිසා මෙම ස්ථානය ශ්‍රී පාදස්ථානය ලෙස හඳුන්වනු ලබයි.
කැළණි නදියෙහි ඉවුරේ මහා මුහුදට ආසන්නයේ පිහිටි
කල්‍යාණ රට රාජ කුමාරවරුන් දෙදෙනෙකු අතර ඇතිවී යයි කියන මහා සටන මැඩ පවත්වීම රටේ
පාලකාදීන්ටද මහත් ප්‍රශ්ණයක් වී තිබුණි.
එබැවින් මණිඅක්ඛිත මහා රාජවරුන්ගේ මැණික් පිළිබදව ඇතිවූ මේ ආරවුල විසදීම
සදහා බුදුන් වහන්සේ සිරිලකට වැඩම කලහ.
එලෙස වැඩම කලේ තුන්වන වරට වන අතර ක්‍රි.පූ. 577
දී පමණ බව සඳහන් වේ.
කැළණි රජමහා විහාරය පිහිටි බිමේ සිට කුමාරවරුනට
අවවාද අනුශාසනා කොට ඔවුන්ගේ ගැටඵව නිරාකරණය කල බුදුරජාණන් වහන්සේ එකල ප්‍රාදේශීය
පාලකයෙක් වූ, දැන් සුමන සමන් දෙවියන් ලෙස හඳුන්වන සමන් දෙවිඳුන්ගේ ආරාධනාව මත
සමන්තකූටයට වැඩම කර ඇති බවටත් පසුව තම බුද්ධ ශාසනය චිරාත්කාලයක් පවතින ලක්දිව
බොදුනුවන්ගේ වන්දනාමානය සඳහා තම ශ්‍රී පාද ලාංඡනය සමන්ත කූටයේ පිහිටු වූ බවටත්
බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.
සමනළ ගිරට වැඩි බුදුරජාණන් වහන්සේ එහි තිබු
ගුහාවක දිවා විවරණය කර ඇත. භගවා ලෙන, දිවා ගුහාව ලෙස හඳුන්වන්නේ එයයි.
බුදුරජාණන් වහන්සේගේ සිරිපා ගමන පිලිබඳ
මහාවංශයේද සඳහන් කර ඇත.
බුද්ධ පරිනිර්වාණයෙන් පසු සමය හා ශ්‍රී
ලංකාවේ රජවරු
බුද්ධ වර්ෂ 236 පමණ වන
විට ශ්‍රී පාදය පූඡනීය ස්ථානයක් බවට පත්වි තිබේ.පොළොන්නරු සහ දඹදෙණි යුගයන් වලදී
ශ්‍රී පාද වන්දනාවට විශේෂ තැනක් හිමි වූ බව ඉතිහාසයේ සඳහන් වේ. සිරිපා වන්දනාව ගැන
තොරතුරු සඳහන් වන පැරණිම සෙල් ලිපි දෙක පිහිටුවා තිබෙන්නේ මහා විඡයබාහු රඡතුමා
විසිනි. "අඹ ගමුව" සහ "ගීලීමලේ' යන ප්‍රදේශවල පිහිට වූ මෙම සෙල් ලිපි
පුරා විද්‍යාත්මක වශයෙන් වැදගත් වෙයි.
සමනොලගිර ,ශ්‍රිපාදය හා එය වැඳ පුදාගත් රඡවරු පිළිබඳ
සඳහන් සෙල් ලිපි ගණනාවකි. මහාවංශය,
දීපවංශය, චූලවංශය, ආදි වංශ කතාවල හා රාඡාවලිය,දඹදෙණි යුගයේ ලියඅවුණු සමන්ත කූට වර්ණාවේද කෝට්ටේ යුගයේ ලියැවුණු ග්‍රන්ථ
ගණනාවකද දක්නට පුළුවන.
මහ විජයබාහු රජතුමාගේ අඹගම, සෙල්ලිපියෙහි ශ්‍රී
පාද පුදබිම පිළිබඳව ඒ රජතුමා සිදු කළ දානයන් පිළිබඳවද මෙසේ සඳහන්වේ.
“ ඉන් අනතුරුව රජතුමා විසින් බුදු සිරිපා පිහිටි සමනොළ ගිරෙහි නවකම්
කොට සිතියම් අද වා වෙනත් පිළිසකර කටයුතු කරවා දැල්වීම, පිණිස පහන් ඇතුළු වෙනත් දෑද පුද කරවීය. බුදුසිරිපා නැමදීමට සිව්
දෙසින් වැඩම කරවන්නා වූ මහා භික්‍ෂු සංඝයාට යෝග්‍ය ආහාර හා වෙනත් දෑ සපයාදීමටද
සිරිපා වැඳීමට වෙහෙසව පැමිණෙන ගිහිවන්දනා කරුවනට ආහාරපානාදිය සැපයීමටද දානශාලා
පිහිටුවීය. රජ රටේ මාර්ගයෙහි ගව්වෙන් ගව්වට අවසන් ගව්පහේ සිය නමින් දාන ශාලා ද
පිහිටුවීය”
එපමණකින් නොනැවතුණු මහ විජයබාහු රජතුමා වියදම් සඳහා ගම්බිම් රාශියක්ද
සිරිපා මළුවට පිදීය.අඹගමුව, කෙහෙල්ගමුව, තිනිගල සොරගොඩ, බදුලුවනය, ගම්පොල,උලපනේ ආදී සමීප
ගම් රාශියක්ද එතුමා ශ්‍රීපාදයට පූජා කර තිබේ. මෙම විස්තර සඳහන් අඹගමුවේ ශිලා ලිපිය
හමුවී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩබුලත්ගම අකුරු කෙටූ කන්දේ වටකුරු
ගල්දෙකකය.මහවිජයබාහු රජතුමා විසින් මුණිසිරිපා පුද බිමට කරන ලද පූජාවන් ගැන
මහාවංශයේ මෙසේ සඳහන් වෙයි.
“සමන්කුළු පව්වෙහි පිහිටි මුණිරජහුගේ පා සටහන වන්දනා පිණිස දුකසේ
යායුතු මග යන්නා වූ මනුෂ්‍යයෝ සියල්ලෝම නොපෙළෙත්වති.දන් වැටුප් පිණිස හැල්කෙත්
ආදියෙන් සමෘද්ධි වූ ගිලීමලය නම් ගමදෙවි,කෙසෙල් ගම් මගද, වෙන් වශයෙන් ගම දී ශාලාද කරවී. රජ තෙමේ අනාගත කාලයෙහි රජදරුවෝ ඒ
ගම් නොගනිත්වයි අකුරු කොටවා ගල්ටැම්ද පිහිටවූහ” (මහාවංශය ප්‍රථම භාගය 60 පරිච්ඡේදය ගාථා 64-68 )
මෙම සිරිපා සටහන බුදුරජාණන්
වහන්සේ විසින් සමනොළ ගිර මුදුණේ පිහිටුවන ලද බව වංශකතා සෑම එකකම දක්නට ලැබේ.
ධාතුවංශයෙහිද මේ බව සඳහන් වී ඇත. මේ අනුව පැහැදිලි වන එක් කරුණක් වන්නේ බෞද්ධ
සාහිත්‍යයේ මේ පිළිබඳව සාක්ෂි සහිතව ඔප්පු කර ඇති බවයි.
පොළොන්නරු යුගයේම මහපැරකුම්
රජතුමාද (ක්‍රි.ව. 1153-1187) ශ්‍රී පාදස්ථානය වන්දනා කර සමන්
දේවාලය ද එහි කරවීය.
සිරිපා වැඳීම සඳහා පොළොන්නරු
රාජ සමයේදී ගිය තවත් රජකෙනෙකු ලෙසින් නිශ්ශංකමල්ල (ක්‍රි.ව. 1187-1196
) රජතුමා සඳහන් කළ හැකියි. මහාවංසය මෙන්ම රාජාවලියද ඒ බව සඳහන් කරයි.
නිශ්ශංකමල්ල රජතුමාගේ එම පුවත එතුමාගේ ශිලාලේඛන අටකම සඳහන් කර ඇත. පඬුවස් නුවර
(පරාක්‍රමපුරය) ඇති මේ රජුගේ සිංහාසන ශිලා ලිපිය අනුව නිශ්ශංක මල්ල රජතුමා සිරිපා
වැන්දේ රජුගේ නවවැනි රාජ වර්ෂයේ දුරුතු මස පුර පසළොස්වක දාය. මේ රජු විසින්ම
රජරුවක් සෙල්ලිපියකට ඇතුළත් කර ලැබිණි. මෙම සෙල්ලිපිය පිහිටා ඇත්තේද සමනොළ කන්දේය.
සමනොළ කන්දේ හැටන් පාරේ දී හමුවන බගවාලෙනෙහි දක්නට ලැබෙන සෙල් ලිපියේ පසෙකින්
ඔහුගේ රුව කොටවා ඇත. එය නිශ්ශංක මල්ල රජු වැදගෙන සිටින අයුරින් නිරූපිතය.රූපය අසළ “ නිශ්ශංකමල්ල පරාක්‍රමබාහු චක්‍රවර්ති ස්වාමින් වහන්සේ පදලස දා
වැන්ද සිටින නියායි” යනුවෙන් සටහන් කර ඇත (ලංකා විශ්ව විද්‍යාලයේ ඉතිහාසය 1 වෙළුම 2 කොටස පි. 545)
සිංහල රාජාවලිය පිළිබඳ සඳහන්
කරනවිට පොළොන්නරු යුගයෙන් පසුව එළැඹි දඹදෙනි රාජ යුගයේද ප්‍රබල රජ කෙනෙකු වූද
සාහිත්‍ය ධරයෙකු වූද (කව්සිළුමිණ කාව්‍යය ලියූ) දෙවැනි පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව.
1236 –1270) සිව්රඟ සෙනග සමග මහවනය සිසාරා
සිටි ජනපද පූජා කළ බව පූජාවලිය සඳහන් කරයි. දෙවන පරාක්‍රමබාහු රජුගේ දේවප්‍රතිරාජ
ඇමතිතුමා කැඳවා සමනොළ ගිර පිහිටි සිරිපා වැඳීමට යන සැදැහැවතුන්ට එම මාර්ගය පිළිසකර
කර දෙන ලෙසද සමන්දේව රුවක්ද කරවා එහි පිහිටුවන ලද බව පූජාවලිය සඳහන් කරයි (පූජාවලිය
පි.810)
විදේශික සංචාරකයන්ගේ ඇසට
අනිවාර්යයෙන්ම හසුවූ ස්ථානයක් වන්නේ ද ශ්‍රී පාදස්ථානය යි. බෞද්ධාගමික වශයෙන් එහි
ඇති වටිනාකම නොදැන සිටියත් එහි ඇති අති සුන්දරත්වය හා මවිත කරවනසුලු භූ විෂමතා
ලක්ෂණ නිසා ඔවුන්ගේ ඇසට මෙම උතුම් පුදබිම නිරාවරණය වූ බව නම් නොරහසකි.
හියුත් ස්‍යාන් හිමි
ක්‍රිස්තු වර්ෂ 7 වැනි සියවසේ අග භාගයෙහි ලංකාවට
පැමිණි උන් වහන්සේ වජ්‍ර බෝධි ශ්‍රීපාදය පිහිටි කන්දට නැග එහි භාවනා කළ බවද සඳහන්
වේ. චීන වාර්තා අනුව මෙය සුමනකූට නම්වෙයි.
ෆාහියන් හිමි
සමනොළ කන්ද හා සිරිපතුල දොළොස්වන සියවසට පෙර කාලවල පවා සිංහල බෞද්ධ
ජනතාවගේ බුහුමනට පාත්‍රවී තිබුණු බවට සාක්ෂි බහුලවම ලැබී ඇත්තේ ෆාහියන් හිමිගේ
ලියවිලි වලින් අතර පුරාණ රජවරු ශ්‍රී පාදස්ථානය වන්දනා කළ බවට එම ලියවිලි වල සඳහන්
වේ.
මාකෝ පෝලෝ
දඹදෙණි රාජ සමයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයෙකි. ඔහු ලියූ
ලිපිවල සඳහන් කරන පරිදි සමනළ කන්ද ඔහු විසින් තරණය කර තිබේ.
“මෙහි හිටුවා ඇති සීනුව තම තමන් පැමිණි වාර ගණනට
අනුව වන්දනාකරුවන් විසින් නාද කරනු ලබයි. කඳු මුදුනෙහි දැකිය හැකි මනමෝහන දර්ශනයක්
නම් හිරු පෑයීමයි. මිහිඳුම් ධාරා පීරාගෙන හිරු රැස් සැතපුම් අසූවක් පමණ කඳු වටයෙන්
මුහුදට පතිත වෙයි. මෙහි අලංකාරය දැකීමම දුලබ දර්ශනයෙකි”
කූටෝ
පෘතුගීසි ඉතිහාසඥයෙකි.ඔහුගේ වාර්තා වලදී ඔහු
විසින් “තරයේ “ප්‍රකාශ කර සිටියේ ශ්‍රී පාද මළුවේ ඇති ලාංඡනය ශාන්ත තෝමස්තුමා දණ
ගසාගෙන යාඥා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් කඳු මුදුනේ ඇති වූ බවයි.
රොබට් නොක්ස්
දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ වාසය කරමින් සිටි
මොහු පවසා ඇත්තේ කන්ද උඩරට මහනුවර නගරයට
දකුණු දෙසින් සිංහලයන් කියන පරිදි ලංකාවේ උස්ම කන්ද පිහිටා ඇති බවය. එයට ඔවුන්
කියන්නේ හිමපොල යනුවෙනි.
දොස්තර ඬේව්
වර්ෂ 1818 කාලවකවානුවේදී මෙහි විසූ දොස්තර ඬේව්
ගේ සටහනක මෙසේ සඳහන්ව ඇත.
“මෙම කන්ද තරණය කළ පළමු යුරෝපීය ජාතිකයා වූ
ලූතිනන් මැල්කට් මැණ ඇති පරිදි මෙම කඳු මුදුනත අඩි 74 දිග අඩි 24 පළල බවය. එය අඩි
පහක් පමණ උස ගල් වැටකින් කොටුකර බැඳ ඇත. කඳු සිරස පොළොවෙන් අඩි පහක් අඩි අටක් අතර
උස ඇති තැනකි.
සිංහලයන් විශ්වාස කරන්නේ බුදුන් වහන්සේගේ මෙහි
වැඩි පළමු ගමනේදී ඒ උඩ පාදය තබා ඇති බවය. එහි අඩි 5 අඟල් 3 3/4දිග හා අඩි 2 අඟල් 5
සිට 7 දක්වා වූ කුහරයකි. එය තඹ පත්වලින් වටකර අඩු වටිනාකමකින් යුත් මැණික් ගල්
ඔබ්බවා ඇත. ගල් කණු හතරක සිටුවන ලද දම්වැලකින් බැඳ පාට රෙදි වලින් වහලයක් යොදා ඇත”
ඉබන්බතූතා
ඉබන්බතූතා ශ්‍රී ලංකාවට පැමිණීමද අහම්බයකි.
රටවල් අතර සංචාරකයෙක් ලෙස ප්‍රකට වූ ඔහු තම සංචාරයක් අතරදී කුණාටුවකට හසු වී ක‍්‍රි.ව. 1347 දී පුත්තලමට ගොඩ බැස්සේය. ඔහු
එහි සිට ගම්පොළ හරහා ශ්‍රී පාද කන්ද තරණය කළේය. එහිදී ඔහු විශේෂයෙන් සඳහන් කරන්නේ
එවකට සිටි විශාල වඳුරු රංචු සහ කූඩැල්ලන්ගෙන් පැමිණෙන ගැහැට පිළිබඳවය. මොහු සමග
යෝගීන් හතර දෙනකු, බමුණන් දහදෙනකු හා රජුගේ ආවතේව කළ
පහළොස් දෙනකු ද ආහාර ද්‍රව්‍ය ආදී කලමනා පොදි බැඳගෙන ශ්‍රී පාදය කරුණා කල බව සඳහන්
වේ.
සර් විවියන් මජෙන්ඩි
මොහු 1896 ජනවාරි 1 දින සිරිපා කඳු වැටිය තරණය
කළේය. ඔහු මෙසේ සටහන් තබා තිබුණි.
“වන්දනා සමයේ උච්චම අවස්ථාව වන ජනවාරි මාසයේ මා
ශ්‍රී පාදය නගින විට දහස් සංඛ්‍යාත ජනතාව අතර සමහරු තරුණ මහලූ වැඩිහිටි බාල මෙන්ම
අත් පා කොර වූ අයද වූහ. මෙම ගමනේදී මරණයට පත්වන අය සැදැහැතියන් අතර විය. මෙම පිරිස
සිංහල දෙමළ ඉන්දීය චීන ජපන් අරාබි බුරුම සියම් අප‍්‍රිකා ආදී රටවල ප‍්‍රධාන ආගම්
තුනක ආගමික නායකයන් රජවරු කුමර කුමරියෝ ද වූහ.
සමහරු ඔසවාගෙන ද යන ලදී. මෙම සියලූ දෙනා මෙන්
මමද මස්කෙළියේ දකුණු දෙසින් පිහිටි ඌසාමලේ දුෂ්කර මාර්ගයේ පැමිණියෙමි. එසේ
පැමිණියේ එය සබරගමුව දෙසින් පැමිණෙන මාර්ගයට වඩා දුෂ්කර මාර්ගයක යාමෙන් පින්පල
වැඩිවේ යැයි යන ඇදහීම නිසාය. සියලූම වන්දනාකරුවන් විශේෂයෙන්ම සිංහල බෞද්ධයන්
ඌසාමලේදී ගසක නූල් ගැට ගැසීම සිරිතකි. ඒ බුදුන් වහන්සේද එහිදී නැවතී තම සිවුර
මසාගත් බවට පැවතෙන විශ්වාසයක් නිසාය.
නැගීම දුෂ්කර වන විට දී ක‍්‍රි.පු 300දී පමණ
ලංකාවට පැමිණි මහා ඇලෙක්සැන්ඩර් රජු විසින් සවිකරනු ලැබුවා යයි සැලකෙන යකඩ දම්වැලේ
එල්ලී නැගීම සිදු වේ. දම්වැල් පුරුක් අල්ලන හැම විටම සිංහලයා හඬ නගා යමක් කෑ ගසයි”
රැල්ෆ් ඇබක්‍රොම්බි
1887 ජනවාරි මාසයේ මොහු විසින් ‘‘ෆිලෝසොපි’’
නම් සඟරාවෙහි අදහසක් දක්වා ඇත්තේ පහත පරිදිය.
“අඩි හත්දාහකට වඩා උස් කන්දක් ඉහළට ඊසාන දිග
මෝසම් සුළගින් පිනිබිඳු තල්ලූ කරන බැවින් ඒ පිණිබිඳු මත වැටෙන හිරු එළියෙන් මෙම
චමත්කාරය මැවෙයි. සමනොළ කන්ද උසින් අඩි හත්දහස් තුන්සිය පනස් දෙකකි. මෙම ස්වභාවික
සිදුවීම විනා එහි වෙනත් විශ්මයක් නැත. උස පිරමීඩයක් උඩට පතුලෙහි සිට බටහිර දෙසට
මීදුම් තල්ලූවීම මහවැලි ද්‍රෝණිය නිසා සිදුවේ. මෙම ගමනට ගෙවී ගිය අවුරුද්දේ
දෙසැම්බර් 31 යොදාගෙන ඇත්තේ අලූත් අවුරුද්දේ ජනවාරි පළමුවැනිදා කන්ද නැගීමටය. අපි
රාත‍්‍රි නවාතැන් ගත්තේ මස්කෙළිය රජයේ රෙස්ට් හවුසියේය. මා සමග ලන්තෑරුමක් සහ මගේ
කැමරාව රැගත් කුලී කරුවෙකු ද, මාරු
කිරීමට අවශ්‍ය රෙදි සහ කෑම බීම රැගත් කුලීකරුවන් දෙදෙනෙකු ද ගමනට එක් විය.
රාත‍්‍රී 10ට මස්කෙළියෙන් පිටත්ව පාන්දර 5
පසුවී විනාඩි 10ට ශ්‍රී පාද මළුවට ගොඩ උනෙමු. අධික සීතල හා සුළං පැවති බැවින් අපි
උදේ හයට පහළට බැස්සෙමු. මගේ දෙකකුල් පණ නැතිව දනහිස වේදනා ඇති විය. සමහරු කියන
පරිදි ශ්‍රී පාදය නැගීමට වඩා බැසීම දුෂ්කර බව දැණින”
මෙවන් විදේශීය සංචාරකයන් රැසක් ශ්‍රී පාදස්ථානය
තරණය කොට ඇති අතර විවිධ ජාතින් විසින්ද විවිධ මත පළකර තිබේ.
මුස්ලිම්වරුන් විශ්වාස කරන්නේ සෙරන්ඩිබ්හි කන්ද
පැන නැගුණේ ඊඩ්න් උද්‍යානයෙන් බවත්, ආදම්
පාරාදීසයෙන් ශාප කර නෙරපා දැමූ විට තම ශාපය නිමවන තුරු වසර ගණනාවක් එක් පාදයකින්
සිටගෙන සිටියේ මේ කන්ද මත බවත්ය. තනි කකුලෙන් කාලයක් සිට ගෙන සිටීම නිසා ඔහුගේ පාද
ලාංඡනය මෙහි සටහන් වූ බව ඔවුන්ගේ විශ්වාසයයි. (බ්‍රෝහියර් දුටු ලංකාව)
දසවන සියවසේදී මේ කන්ද “බබා ආදම් මලෙයි නොහොත්
ආදම් පියාගේ කන්ද” නමින් හැඳින්විණි. මෙසේ මෙය මොහොමද් නබිතුමාගේ භක්තිමතුන්ගේද
පුද බිමක් බවට පත්විය.
පෘතුගීසින් හා වෙනත් යුරෝපීයන් එයට ඇඩම්ස් පීක්
නොහොත් ආදම්ගේ කන්ද යනුවෙන් භාවිත කරයි. මෙම කන්ද සීනි ගොඩක් ගොඩ ගැසුවා වැනිය. එහි මුදුන සමතලා ගල් තලාවකි.
එහි මිනිසකුගේ පා සටහනක් වැනි ලාංඡනයක්
ඇත. නමුත් එය මිනිසකුගේ පා සටහනට වඩා
විශාල දිග අඩි දෙකක් පමණ සලකුණකි.
සිංහලයෝ ඔවුන්ගේ දරු පවුල් පිටින්ම ගොස් මෙම
ලාංඡනය වැඳ ගනිති. එය සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ සිංහල අවුරුද්දට පෙර මාර්තු මාසයේ
පමණය. මෙම කඳු මුදුනින් ගංඟා කීපයක් ආරම්භ වී දකුණ හා බස්නාහිර පැති වලට ගලා බසී.
ඒ අතර උතුරට ගලා බසින මහවැලි ගඟ ප‍්‍රධානය. බුද්ධා පොළොව මතුපිටින් අතුරුදහන්ව මෙම
කඳු මුදුනෙහි පා තබා ඇති බවට සිංහලයෝ විශ්වාස කරති. ඔවුහු තෙල් මල් පහන් සඳුන්
කූරු කපුරු ආදිය ගෙන කඳු මුදුනට නැග පූජා පවත්වයි. මෙම පඬුරු ආදිය එකතු කර ගැනීමට
පෙර සිටි රජකු මුවර් මිනිසුන්ට අවසර දී ඇතැයි කියමින් විශාල මුවර්වරු සංඛ්‍යාවක්
මග දෙපස පෙළ ගැසී මෙම පූජා භාණ්ඩ පඬුරු ආදිය එකතු කර ගනී.
ප‍්‍රාචීන උගතුන්ගේ විශ්වාසයට අනුව ග‍්‍රීසියේ
සිටි මහා ඇලෙක්ස්සැන්ඩර් රජතුමා බෙලිකස් නම් ශාස්තෘවරයාත් කැටුව මෙම ස්ථානයට පැමිණ
ඇති බවය. ඔවුන් දෙදෙනා එක්ව කන්ද නැගීමට පහසු වන පරිදි ගල් පඩි හා යකඩ දම්වැල්
පාරට යොදා ඇත. මෙම ගමන පර්සියානු කවියෙක් ද විස්තර කර ඇත. සිංහලයන් මෙම කඳු ගැටය
සමන්ත කූට පර්වතය, ශ්‍රී පාදය, සමනල ආදී නම් වලින් හඳුන්වයි.
කෙසේ නමුදු පුරාණ සිංහල රජවරු පමණක් නොව
විදේශිකයන් පවා තමන්ගේ ශ්‍රී ලංකා සංචාර වලදී අනිවාර්ය අංගයක් ලෙස ශ්‍රී පාදස්ථානය
තරණය කිරීම හා ඒ පිලිබඳ ලේඛන ගත කිරීම ඉතා වැදගත් කටයුත්තකි.
මේ අනුව පැහැදිලි වන්නේ එක් කරුණකි. එනම් ශ්‍රී
පාදස්ථානය යනු මුළු මහත් ලෝකවාසී සියලු දෙනාගේම අවධානයට, ගෞරවයට, කුතුහලයට පාත්‍ර
වූ ස්ථානයක් බවයි.
උපුටා ගැනීම් අන්තර්ගත වී ඇත...
නියමයි.
ReplyDeleteඅකුරුවල සයිස් එක ටිකක් ලොකු කළා නම් හරි අකුරු ලොකු කරන්න ගැජට් කෑල්ලක්වත් හයි කළා නම් අපි වගේ ඇස් පේන්නේ නැති නාකි මනුස්සයොන්ට ගොඩක් වටිනවා :D
බොහොමත්ම ස්තුතියි අඩුපාඩුව පෙන්වා දුන්නාට.. වරද නිවැරදි කළා..
Deleteකණ්නාඩි දෙකකුත් දාගත්තොත් නරකද?? :D
This comment has been removed by the author.
Deleteනියමයි..ගොඩාක් වටින දෙයක් ! ගොඩ දෙනෙක් හරි හැටි විස්තර දන් නෑ ශ්‍රී පාදස්ථානය ගැන...මේක ගොඩක් වටිවී ඒක නිසා ;)
ReplyDeleteශ්‍රී පාදස්ථානය ගැන විස්තර හොයද්දි තියෙන ලොකුම දුෂ්කරතාවය තමයි විස්තර හැම තැනින්ම හොයන්න වීම වගේම සමහර කරුණු ගැන කිසිම විස්තරයක් නැති වීම..
Deleteඒ නිසයි මේ දේ පටන් ගත්තේ..
නොදන්නා දෙයක් දැනුවත් වෙනවා නම්.. ඒක තමා මේ බ්ලොගයෙන් බලාපොරොත්තු වන එකම දේ
බොහෝම ස්තුතියි පුබුදු.. ලොකු දිරිගැන්වීමක්.. :)
Deleteඉතිහාසයට ආව මචෝ.. ගොඩක් දේ දැනගත්තා..හරි පිළිවෙලයි...
ReplyDeleteඩ්‍රෝගෝ මල්ලි.. ගොඩාක් ස්තුතියි දිරිගැන්වුවාට :)
Deleteගොඩක් වටිනවා. ස්තුතියි.
ReplyDeleteබොහොමත්ම ස්තුතියි :)
Delete