කූඩලු මේස්



කූඩලු මේස් යනු කුමක්ද?

වනගත මාර්ගයන්හි ගමන් කිරීමේදී විශාල වශයෙන් කූඩැල්ලන් ගේ සපාකෑම් වලට බාජනය වීමට සිදුවේ.
මෙය වලක්වා ගැනීම සඳහා කූඩලු මේස් භාවිතා කල හැක.

තරමක් ඝන රෙද්දකින් නිමවා ඇති මෙහි කකුලේ දණහිසේ සිට පතුලේ ඇඟිලි දක්වා සියල්ලම ආවරණය වේ.
රෙද්දේ ස්වභාවය නිසා කූඩැල්ලන්ට එහි රැඳී සිටීමට හෝ එල්ලී ලේ උරා බීමට අවස්තාවක් නොලැබේ.


 කූඩැල්ලන් ගලවා ඉවත් කිරීම

කූඩැල්ලන් සපා කා ඇති විටදී ඇද ඉවත් කිරීම නොකළ යුතුය.
තදින් සම හා ඇලී ඇති නිසා එසේ කලවිට තුවාල සිදුවීමේ වැඩි ඉඩකඩක් පවතී.

කූඩැල්ලෙක් සපා කා ඇති නම් ඩෙටොල් ස්වල්පයක් හෝ, දෙහි යුෂ ස්වල්පයක් හෝ, අධි සාන්ද්‍ර ලුණු ස්වල්පයක් කූඩැල්ලා සම සිදුරු කර ඇති ස්ථානයට දමන්න.

තුවාල වීමක්, දීර්ඝ ලේ වහනයක් සිදු නොවන අයුරින් එවිට කූඩැල්ලන් ඉවත් වේ.




කූඩැල්ලන් සපා කෑමෙන් පසු 

සපා කා ඇති ස්ථානය සබන්, ඩෙටෝල් මගින් හොඳින් සෝදා පිරිසිදු කරගන්න.

Anonymous
Unknown කතුවරයා

ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් වන උතුම් ශ්‍රී පාදස්ථානය නිසි ශ්‍රද්ධාවෙන් යුතුව වන්දනා කරන්න...

No comments:

Post a Comment