ශ්‍රි පාදස්ථානය යනු ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලොවේම ගෞරවයට පාත්‍ර වූ අති උතුම් පුද බිමකි.
ගෞතම බුදු රජාණන් වහන්සේගේ වම් ශ්‍රී පාද සලකුණ පිහිටා ඇති අතිශයින්ම පූජනීය සුන්දර ස්ථානයකි.
ස්වභාව සෞන්දර්යෙන් අනූන පරිසර පද්ධතියකින් හෙබි ශ්‍රී පාද අඩවිය මතු පරපුරට රැකගැනීම ඔබ සතු යුතුකමක් වේ..


විනෝද වන්න.. නමුත් ගරු කරන්න..අනාගතය උදෙසා රැකගන්න..සුන්දර වන සතුන්, තුරුලතා, දිය දහරා වලින් හෙබි මේ සුන්දර පරිසරය රැකගන්න..සොබාදම් මාතාවගේ ආරක්ෂකයා ඔබයි...!!!

බුදුන් වහන්සේගේ පාරිභෝගික ධාතුන් වහන්සේ නමක් වන ශ්‍රී පාද පද්මය වැඳ පුදාගැනීමට පැමිණෙන ඔබ මේ පැමිණෙන්නේ වන්දනා ගමනක් බව සිහි තබා ගන්න.
මත්ද්‍රව්‍ය, පොලිතින් ශ්‍රී පාද අඩවියට ගෙන ඒමෙන් වළකින්න.
විනෝද චාරිකාවක් නොවන නිසා සංයමයෙන් පිහිටා ශ්‍රද්ධාවෙන් ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන්න.
Anonymous
Unknown කතුවරයා

ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් වන උතුම් ශ්‍රී පාදස්ථානය නිසි ශ්‍රද්ධාවෙන් යුතුව වන්දනා කරන්න...

No comments:

Post a Comment