Showing posts with label කූඩලු කෝටු. Show all posts
Showing posts with label කූඩලු කෝටු. Show all posts

කූඩලු කෝටු



කූඩලු කෝටු යනු කුමක්ද? 
කූඩලු කෝටු යනු කූඩැල්ලන්ගෙන් ආරක්ෂා වීම සඳහා යොදාගත හැකි තවත් එක් පිළියමකි.


කූඩලු කෝටුවක් සාදාගන්නේ කෙසේද?
සාමාන්‍ය ප්‍රමාණයේ රිටක් ගෙන එය එහි අග කෙලවරින් (පොලොව හා ස්පර්ෂ වන කෙලවර) අඟලක් පමණ ඉහලට සිටින සේ බැන්ඩේජ් හෝ ගෝස් මගින් අඟල් 4 - 5 පමණ දිගට සිටින සේ තබා තදින් බැඳ ගන්න.
ඉන්පසු එම බැන්ඩේජ් හෝ ගෝස් කැබැල්ල හොඳින් ඩෙටෝල් හෝ සාන්ද්‍ර ලුණු ද්‍රාවනයකින් හොඳින් පොඟවා ගන්න..

කූඩලු කෝටුවක් මගින් ආරක්ෂාව ලැබෙන්නේ කෙසේද?
රිටේ ඇති රෙදි (ගෝස් හෝ බැන්ඩේජ්) කැබැල්ලේ පොඟවා ඇති ඩෙටෝල් හා සාන්ද්‍ර ලුණු යන ද්‍රාවන දෙකම කූඩැල්ලන්ට විෂ සහිත වේ.
රිටත් සමග ඇවිදීමේදී පාද හා සමාන්තරව නිතරම මෙම රෙදි කැබැල්ල ගමන් කෙරෙන නිසා කූඩැල්ලන් කකුල හා එල්ලීමේ ප්‍රවනතාවය ඉතාමත්ම අඩු වේ.
තවද එල්ලී සිටින කූඩැල්ලන් ඉතාමත් පහසුවෙන් මේ මගින් ඉවත් කරගැනීමට හැකි වීම තවත් වාසියකි.